වත්මන්වෙළඳපොළෙහිදැකගතහැකිප්‍රධාන ඩිජිටල් කැමරා වර්ග
කිහිපයකි.
1.
SLR Cameras (Single Lens Reflection Cameras)
2.
Compact Cameras
3.
Bridge Compact Cameras
4.
MirrorlessInterchangable lens cameras
SLR Cameras (Single Lens Reflection Cameras)
වෙළඳපොළේ දක්නට ඇති මිළ අධිකම ඩිජිටල් කැමරා විශේෂය SLR කැමරා වේ. වෘත්තීය මට්ටමේ
ඡායාරූප ශිල්පීන් සියල්ලන්ම භාවිතා කරන්නේ SLR කැමරා වේ.අන් සියළුම වර්ගයේ
කැමරා වර්ගවලට වඩා විශිෂ්ඨ මට්ටමේ ගුණාත්මක ඡායාරූප SLR කැමරා විසින් ලබා
දේ.
SLR කැමරාවලද ප්‍රභේද
කිහිපයක් දැකිය හැක.
-
පලවන මට්ටමේ SLR කැමරා (SLR කැමරාවක් මුලින්ම භාවිතා කරන්නන් සඳහා
නිමැවුණු කැමරා.)
-
දෙවන මට්ටමේ SLR කැමරා
-
තුන්වන මට්ටමේ SLR කැමරා
-
හතරවන මට්ටමේ SLR කැමරා (Full Frame Camera)
SLR කැමරාවක් යනු
කුමක්ද?
Point & Shoot කැමරාවක්මේ වර්ග දෙකෙහි
වෙනස්කම් ගැන වෙනමම ලිපියකින් සවිස්තරාත්මකව කථා කරමු. බොහොමත්ම කෙටියෙන්
කිව්වොත් DSLR කැමරා වල ViewFinder වෙත දර්ශනය සපයන්නෙ සහ ඡායා සංවේදකය මත ආලෝකය පතිත කරනනෙත් එකම කාච
පද්ධතියකින් දර්පනයක් යොදාගෙන. Point & Shoot වර්ගයේදීනම් ට වෙනම
කාචයක් හෝ Electronic
Viewfinder එකක් මේ
සඳහා තියෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේ දෙකම නැතිව LCD Display එක පමණක් ඇති කැමරාත් දැන් වෙලඳපොලේ දැකගන්න පුළුවන්.DSLR කැමරා වල පෙර කී මූලික වෙනස්කම හැරුනාම ඡායාරූප ශිල්පියෙකුට අවශ්‍ය පහසුකම්
රාශියක් ඇතුලත් නිසා කැමරා සාපේක්ෂව මිලෙන් වැඩියි. මේ විදියට බලපුවහම
සාමාන්‍ය භාවිතයට අඩු මිල කැමරා විදිහට ඉතිරි වන්නේ Point & Shoot කැමරා.Point & Shoot කැමරා ප්‍රධාන ආකාර 2ක් වෙලඳපොලේ දැකිය හැකියි. ඒවා නම්: 1.Compact 2.Super Zoom. ඕනෑම කැමරාවක ගුණාත්මක භාවය තීරණය වන්නේ ප්‍රධාන වශයෙන්ම
කැමරා සංවේදකයේ ප්‍රමාණය මතය. කැමරාවක මෙගා පික්සල් අගය කෙතරම් ඉහල
අගයක් ගත්තත් සංවේදකය අදාල මෙගා පික්සල් ගණනට ඔබින්නේ නැත්නම් එම කැමරාවේ ගුණාත්මක
අගය පහල මට්ටමක පවතී.
කැමරාවක සංවේදකය යනු කුමක්ද?
ඡායාරූපකරණය යනු ආලෝකයත් සමඟ කරන ගනුදෙනුවකි අවස්ථාවක්
හෝ වස්තුවක් ඡායාරූපයට නැගිය හැක්කේද හොඳින් ආලෝක
කැමරා
කාචය තුලින් ග්‍රහණය කරගන්නා දර්ශනයේ ඇති ආලෝකය කැමරා සංවේදකය මත පතිත වේ. මෙලෙස
ආලෝක අංශු මිලියන ගණනනින් සංවේදකය මත පතිතවන අතර එලෙස සංවේදකය මත ආලෝකය රැස් වූ
ස්ථාන photosites ලෙස හඳුන්වන අතර එක photosite අංශුවක් පික්සලයක් ලෙස හඳුන්වයි. මේ ආකාරයට එක්වන පික්සල මිලියනයක්
මෙගා පික්සලයක් ලෙස හඳුන්වයි.
කැමරාවේ ආලෝක සංවේදකය
මඟින් එම සංවේදකය මතට පතිත වන ආලෝක අංශු විද්‍යුත් ආරෝපණයක් බවට පරිවර්තනය කරයි. මෙම විද්‍යුත් ආරෝපණය
ඩිජිටල් බවට පත් කර මෙමරි චිපයේ ඡායාරූපයක් ලෙසට අවසාන වශයෙන් තැන්පත් වේ.
ඒ ඒ කැමරා වර්ගය අනුව
සංවේදක වර්ග දෙකක් දැකිය හැක
-
CCD Sensor (Charge Coupled Device)
-
CMOS Sensors (Complementary Metal Oxide Semi Conductor)
ආලෝක සංවේදකය මතට පතිතවන
ආලෝකය සකසා ඩිජිටල් ඡායාරූපයක් බවට පත් කිරීම සඳහා සංවේදකයේ ප්‍රමාණය වැදගත් වේ. මෙගා පික්සල් අගය කෙතරම්
වැඩි වූවත් එම මෙගා පික්සල් ප්‍රමාණය සැකසීමට තරම් ප්‍රමාණවත් සංවේදකයක් නොමැති
නම් එම කැමරාවේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටළුවක් පවතී.
හොඳම සංවේදකයේ ප්‍රමාණය මි.මි. 35කි. එවන් සංවේදකයක් සහිත
කැමරාවක් ෆුල් ෆ්‍රේම් කැමරාවක් ලෙස හඳුන්වන අතරඑවන් කැමරාවක් රු ලක්‍ෂ 5කට අඩුවෙන් මිලදී ගත නොහැක.
සංවේදකයේ ප්‍රමාණය සහ මෙගා
පික්සල් ප්‍රමාණය වැඩිවත්ම කාචය විසින් හසු කරගන්නා ලද දර්ශනයේ ඇති තොරතුරු වැඩි
ප්‍රමාණයක් ඡායාරූපයෙ දැක්විය හැකිය.
කුඩා සංවේදක සහිත කැමරා
Canon හිPowerShotසහEOSලෙස ප්‍රධාන කැමරා වර්ග දෙකකි.
මුලින්ම PowerShotකැමරාවර්ගය ගැන සලකා බලමු.Canon හිPowerShotවර්ගයේද වර්ග කිහිපයක් දැකිය හැක එනම්: Canon A- Series, Canon D-
Series, Canon N- Series, Canon S- Series, Canon SX- Series,Canon G- Series
Canon A, D, N යන වර්ගීකරණයේ ඇත්තේ කුඩාම
සංවේදකය වන ½.5 වන ප්‍රමාණයේ සංවේදකයයි. මෙගා පික්සල් 16ක තරම් ඉහල මෙගා පික්සල්
අගයක් තිබුණත් එවන් ඉහල අගයක් සැකසීමට ප්‍රමාණවත් සංවේදකයක් නොමැති හෙයින්
ඡායාරූපයේ ගුණාත්මක භාවය පහල මට්ටමක පවතී. සංවේදකය ඉතා කුඩා හෙයින්
මේවායෙහි මිල පහල අගයක් ගනී.
RS-20000/=
වර්ගය: Canon SX- Series Cameras (16 Mega Pixels)
මෙම වර්ගීකරණයෙහි සංවේදක ප්‍රමාණය ½.3ක් වන අතර මිල රු. 40000- 60000 දක්වා අගයක් ගනී. සංවේදකය කුඩාම ප්‍රමාණයේ
සංවේදකයකි. මිල වැඩි කර ඇත්තේ මෙම කැමරා වර්ගයේ ඉහල සූම් අගය නිසාය. මිල 40000ක කැමරාවේ සූම් අගය 20ක් වන අතර මෙම වර්ගයේම මිල
60000 කැමරාවේ
සූම් අගය 50කි. සූම් අගය ඉහල වුවත් ඡායාරූපයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළුවක් ඇත. ඉහල සූම් අගයක් ඇති නිසා
වනජීවී ඡායාරූපකරණයට හිතකර වේ.
එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ මේ ලිපිය ඔයාලට වැදගත් උනානම් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා
එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ මේ ලිපිය ඔයාලට වැදගත් උනානම් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා