මේ ලිපිය ලියන්නේ හැඩට වැඩට කම්පියුටර් එක තියාගන්න කැමති යාලුවන්ට හැමෝම දන්න මෘදුකාන්ගයක්නේ rainmeter කියන්නේ ඒත් නොදන්න යාලුවොත් ඉන්නවනේ ඒ යාලුවන්ට මුලින් මේ ගැන හදුනවලා දෙන්නම් rainmeter කියන්නේ පරිඝනකයට themes ඇතුලත් කරන්න පුළුවන් මෘදුකාංගයක් ඔය චුට්ටන් චුට්ටන් තීම් නෙමේ ටිකක් ගතියක් තියෙනේ themes ඇතුලත් කරන්න පුළුවන් මෘදුකාංගයක් ඉතින් මේ මෘදුකාංගය හරහා අපිට පුළුවන් වෙනවා අපේ පරිඝනකය වෙනස්ම විදිහකට පත් කරගන්න යාළුවො දැකල තියෙනවනේ ඔය ෆිල්ම් වැල එහෙම වැඩ දාලා තියෙන කම්පියුටර්ස් අන්න ඒ විදිහට අපේ කම්පියුටර් එක හදාගන්න හැටි තමයි කියලා දෙන්න යන්නේ ඒත් ඒ ගැන කියන්න කලින් දැනට rainmeter භාවිතා කරලා ලස්සන කරගනිපු කම්පියුටර් කිහිපයක screen shots බලලා ඉමු 

 


දැක්කනේ යාලුවනේ මෙන්න මේ වගේ ෆට්ට ලුක් එකක් අපිට අපේ පරිඝනකයට මේ හරහා දෙන්න පුළුවන් වෙනවා මේ ගැන වැඩි විස්තර කතා කරන්න කලින් අපි rainmeter එක ඩවුන්ලෝඩ් කරගෙන ඉමු එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්නකො යාලුවනේ 
 
https://github.com/rainmeter/rainmeter/releases/download/v3.1.0.2190/Rainmeter-3.1.exe
2.2 MB ප්‍රමාණයක් විතරයි තියෙන්නේ

හරි දැන් සාමාන්‍ය විදිහට මේ මෘදුකාංග ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් දැන් අපිට කරන්න තියෙන්නේ ඩෙක්ස්ටොප් එක ගින්දර වගේ හදාගන්න එක ඒකට අපිට මේ මෘදුකාංගයට skins ඇතුලත් කරන්න වෙනවා බයවෙන්න එපා යාලුවනේ මේ වෙනකොට ලෝකේ skins කෝටියකටත් වඩා තියෙනවා මං දැනට පාවිච්චි කරන අලුත්ම skins 5 ක් දෙන්නම් පහලට කියවගෙන යන්නකෝ.....





Battlefield 3 for Rainmeter 







My Rainmeter Desktop



 හරි යාලුවනේ දැන් කරන්න තියෙන්නේ මේ තීම්ස් ඉන්ස්ටෝල් කරගන්න එක ඉන්ස්ටෝල් කරගන්න කිව්වට ඉන්ස්ටෝල් කරන්නම නෙමේ තියෙන්නේ ඊට වඩා ලේසි දෙයක් ඔයාලගේ My Documents කියන ෆෝල්ඩර් එකේ rainmeter කියලා ෆෝල්ඩර් එකක් create වෙලා ඇති ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන skins කියන ෆෝල්ඩර් එකට ඔයාල ඔය ඩවුන්ලෝඩ් කරපු ෆෝල්ඩර්ස් කොපි කරගන්න සමහර ෆෝල්ඩර්ස් .zip හෝ .rar ව්දිහට ඇති දන්නවනේ කරන්න ඕනේ ඩේ winrar වගේ සොෆ්ට්වෙයාර් එකකින් ඒ ෆයිල්ස් එක්ස්ට්‍රක්ට් කරගන්න එතකොට ඔයාලට මම කියපු ෆෝල්ඩර්ස් ලැබෙයි 

මෙන්න මේ වගේ..!!


දැන් rainmeter එක ඕපන් කරගන්න 

හරි දැන් ඔයාට rainmeter එකේ ඔයාගේ තීම් එක එහෙමත් නැත්නම් skin එක දැකගන්න පුළුවන් නිකමට හරි skin එක පෙන්නුවේ නැත්නම් Refresh all කියන බටන් එක උඩ ක්ලික් කරන්න එතකොට ඔයාලට ඔයාගේ skin එක අනිවාර්යෙන්ම දැකගන් පුළුවන් වෙනවා දැන් ඒ skin ෆෝල්ඩර් එක උඩ ඩබල් ක්ලික් කරන්න නැත්නම් ඊට ඉස්සරහින් තියෙන ඊ හිස උඩ ක්ලික් කරන්න දැන් ඔයාලට මෙන්න මේ වගේ menu එකක් එයි 


ඔයාල හිතනවා ඇති දැන් මේ මොන විකාරයක්ද ෆෝල්ඩර් මහා ගොඩක් නේ කියලා නැහැ යාලුවනේ දැන් තමයි ලේසිම සහා අපේ කතාවේ අවසානය මේ තීම්ස් තියෙන්නේ කොටස් කොටස් වශයෙන් ඒකත් rainmeter මෘදුකාංගයේ තියෙන ලොකු වාසියක් ඉතින් ඔයාලට සම්පූර්ණ එක දාන්න අවශ්‍ය නැත්නම් අවශ්‍ය ටූල්බාර්ස් ගැජට්ස් විතරක් සෙට් කරගන්න පුළුවන් වෙනවා උදාහරණයක් වශයෙන් මට battery කියන ගැජට් එක දාගන්න ඕනේ නම් Battery කියන ෆෝල්ඩර් එක උඩ ක්ලික් කරලා Battery.ini කියන එක තෝරලා load කියන විධානය ලබාදෙන්න වෙනවා ඒ විධානය ලබාදුන්නා ගමන් ඔයාලගේ ගැජට් එක dekstop එකේ පෙන්න ගන්නවා ඔයාලට dekstop එකේ කැමති තැනකට මේ ගැජට් ගෙනිහින් හදාගන්න පුළුවන් ඒක තවත් වාසියක් සම්පූර්ණ skin එකම ලබාගන්නනම් මේ හැම ෆෝල්ඩර් එකකම තියෙන .ini ෆයිල්ස් load කරගනන් වෙනවා...!! එහෙනම් යාලුවනේ මම නවතිනවා මේ වගේ අලුත් දෙයක් එක්ක ආයිත් හම්බවෙමු ඔයාලට මේ ලිපියෙන් වැඩක් උනානම් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා..! සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!!


 



3 comments:

Arambe said... July 30, 2014 at 1:16 AM

wena skins ganne kohomada

Unknown said... July 30, 2014 at 2:14 AM

windows 8.1 walata meka danna berida

Unknown said... July 30, 2014 at 7:53 PM

wena skins ganna nam machan google eke search karapan :)

 
Top