මුලින්ම හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා යාලුවනේ ටිකක් වැදගත් විදිහේ දෙයක් ගැන කියලා දෙන්න තමයි හදන්නේ හැමෝම දන්නවනේ PC එක ෂට් ඩවුන් කරන්න ගියාම ස්ටාර්ට් මෙනු එක ඕපන් කරගන්න ඕනේ එහෙමත් නැත්නම් ෂෝර්ට් කට් කීස් යුස් කරන්න වෙනවා ෂෝර්ට් කට් කීස් දන්නේ නැති යාලුවන්ට windows 8 වගේ ෂට් ඩවුන් කරන්න ගියාම පුදුම විදිහේ කරදරයක් ඉතින් ඒකට විසදුමක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ මේ ක්‍රමය මගින් අපිට අපේ පරිඝනකය එක මවුස් ක්ලික් එකකින් ෂට් ඩවුන් කරන්න පුළුවන් මේ සදහා කිසිම මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නෙත් නෑ මේ සදහා අවශ්‍ය වෙන bat ෆයිල් එක අපිටම නිර්මාණය කරගන්න පුළුවන් අපිම හදාගනිපුවම ඒකෙත් පොඩි ගතියක් තියෙනවනේ ඒ විතරක් නෙමේ අලුත් දෙයක් ඉගෙනගන්නවනේ එහෙනම් අපි දැන් වැඩේට බහිමු මේ සදහා අපි යොදාගන්නේ අපි හැමෝම ලග තියෙන notepad එක පොඩියට තිබුනට දෙයක් කරන්න පුළුවන් දෙයක් තමයි notepad කියන්නේ මුලින්ම notepad මෘදුකාංගය විවෘත කරගන්න


එහෙමත් නැත්නම් right ක්ලික් කරලා > new > text document යන්න තෝරාගන්න 


හරි දැන් අපිට තියෙන්නේ මේ සදහා අවශ්‍ය කේත ඇතුලත් කරන එක එහෙමත් නැත්නම් කෝඩ් කරන එක 


shutdown -s -t 0000

හරි දැන් ඔයා ඕපන් කරගනිපු notepad එකේ මේ විදිහට ටයිප් කරගන්න 45 කියන්නේ මේ bat ෆයිල් එක මත ක්ලික් කරහම කම්පියුටර් එක shutdown වෙන්න විනාඩි 45ක් යනවා කියන එක 45 කියන එක මිනිත්තු වලින් දක්වලා තියෙන්නේ මේ bat ෆයිල් එක රන් කරපු ගමන් shutdown වෙන විදිහට හදන්න නම් 45 වෙනුවට එතනට 000 ක් ලබාදෙන්න ඉන් අමතරව ඔබට මිනිත්තුවකින් shutdown වීමට අවශ්‍ය නම් 1 යන්න ලබාදෙන්න අපි සෙට් කරන කාලය අනුව තමයි මේක shutdown වෙන්නේ අපි මිනිත්තු 45 කට සෙට් කරොත් ඒ මිනිත්තු 45 යනකන් අපේ වැඩකටයුතු සාමාන්‍ය ලෙසින්ම කරගැනීමට පහසු වෙනවා මිනිත්තු 45 අවසන්වූනාට පස්සේ තමයි මැෂින් එක shutdown වෙන්නේ 

හරි දැන් ඔයාට කැමති විදිහට ටයිම් එක සෙට් කරාට පස්සේ අපි හදපු bat ෆයිල් එකේ අවසානය එහෙමත් නැත්නම් save කරගැනීම කරන්න වෙනවා ඒක කරන්නේ මෙහෙමයි 

slgamer2 යන්න වෙනුවට ඔයාට කැමති නමක් දීලා අවසානය .bat යන්න එකතු කරන්න උදාහරණක් විදිහට ඔයාට ඔයාගේ නමින් මේක නම් කරන්න ඕනේ නම් siripala.bat විදිහට ලබාදෙන්න save as type යන්නට All Files ලෙස ලබාදෙන්න හරි දැන් අපේ වැඩ ඉවරයි දැන් තියෙන්නේ වැඩේ හරිද කියලා පරීක්ෂා කරලා බලන එක ඒකට වැඩි දෙයක් කරන්න ඕනේ නෑ අපි හදපු ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න දැන් ඔයාගේ මැෂින් එක ඔයාල සෙට් කරපු ටයිම් එකට shutdown වෙයි 000 ටයිම් සෙට් කරපු අයගේ නම් ක්ලික් කරපු ගමන් shutdown වෙයි bat ෆයිල් එක හදාගන්න බැරිවුණ යාලුවන්ට ඔන්න මගේ bat ෆයිල් එක අප්ලෝඩ් කරා ඒ උනාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න කලින් උත්සාහ කරලා බලන්න අනුන්ගේ දේකට වඩා තමන්ගේ දෙයක් උනාම ඒක ගොඩක් වටිනවාwindows XP , windows 7 , vista , windows 8 වල වැඩ

http://www.mediafire.com/view/hgal156m5lpmcrv/slgamer2.blogspot.com.bat
19 Bytes Only

එහෙනම් යාලුවනේ ආයිත් සෙට් වෙමු මේ ලිපිය වැදගත් උනා කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා ඒ විතරක් නෙමේ මේ සම්බන්ධව මොනවහරි ප්‍රශ්න මතු උනානම් කමෙන්ට් කරලා තියන්න අනිවාර්යයෙන්ම උදවු කරනවා.



 
Top