මට මේ ලිපිය ලියන්න හිතුනේ ගොඩක් යාළුවො මගෙන් මේකට විසදුමක් ඉල්ලපු නිසා දන්නවනේ ෆෝන් ලොක් උනාම අන්ලොක් කරගන්න ගොඩක් අමාරුයි විශේෂෙන්ම blackberry ෆෝන්ස් සහ ඇපල් ෆෝන්ස් සැම්සුන්ග් ඒවානම් රීසෙට් හරි කරගන්න පුළුවන් ඒත් blackberry ඇපල් ලොක් උනොත් ලොක් එක කඩාගන්න බැරිවෙනවා එහෙමත් නැත්නම් ෆෝන් එකට වඩා මුදලක් වියදම් කරන්න වෙනවා මං මේ ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්න යන්නේ කොහොමද ලොක් උන blackberry ෆෝන් එකක් අන්ලොක් කරගන්නේ කියලා මේ ක්‍රමය මගින් blackberry ඕනෙම ෆෝන් එකක් පහසුවෙන් අන්ලොක් කරගන්න පුළුවන් මං කලිනුත් කිව්වා වගේම blackberry ෆෝන් වැල රීසෙට් ඔප්ෂන් එකක් නැහැ මොකද blackberry කියන්නේ ආරක්ෂාව මුල් කරගෙන නිර්මාණය කරපු ෆෝන් එකක් ලංකාවේ වැඩිය ජනප්‍රිය නැති උනාට ගොඩක් දියුණු රටවල blackberry මාකට් වැඩි සිංගප්පූරුව වගේ රටවල් වැල samsung ගණන් ගන්නෙත් නැති තරම් ඒකට හේතු කිහිපයක් තියෙනවා samsung දුරකථන සදහා මේ වන විට යොදාගන්නා android මෙහෙයුම් පද්ධතිය ඕපන් සෝර්ස් වන නිසා හැකර්ස්ලට පහසුවෙන් මේවගේ දත්ත ලබාගන්න පුළුවන් වෙනවා ඒත් blackberry වගේ ෆෝන් එකක් ගත්තම සිග්නල් හැකින්ග් සහ ඩේටා ට්‍රැකින්ග් හැකිතාක් අවම කරලා තියෙන්නේ blackberry සදහා යොදාගන්න rim මෙහෙයුම් පද්ධතිය අනුකරණයත් 0 යි මේ සදහා හේතු ගොඩක් තියෙනවා දැන් ඒ ගැන කිව්වා ඇති අපි බලමු කොහොමද ලොක් උන blackberry ෆෝන් එකක් අන්ලොක් කරගන්නේ කියලා මුලින්ම කියලා ඉන්න ඕන මේ විදිහට අන්ලොක් කරාම ෆෝන් එකේ තියෙන සියලුම දත්ත මැකෙනවා ඒ කියන්නේ ෆෝන් එක ෆැක්ටරි මොඩල් එකට පත් වෙනවා දැන් බලනවා ඇති කොහොමද ආරක්ෂාකාරී කියපු blackberry ෆෝන් එක අන්ලොක් කරන්නේ කියලා එතකොට ආරක්ෂාවක් නැහැනේ කියලා මේක වෙන්නේ මෙහෙමයි මේ ලගකදී හංගේරියාවේ රජය විසින් blackberry සමාගමේ කොටසක් චීනයට විකුනනවා ඒ කියන්නේ තව ටික කාලෙකින් චයිනිස් blackberry ගහනවා කියන එකනේ ඉතින් ඒ ගැන කියන්න ඕනේ නැහැනේ චීනෙට ගියොත් කොහෙන් හරි කෑලි කෑලි එලියට පනිනනවනේ ඔන්න ඒ වගේ පැනපු පොඩි ගැජට් එකකින් තමයි මේ වැඩේ කරන්න යන්නේ මුලින්ම අපි මේ ගැජට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉමු 145 KB වගේ ප්‍රමාණයක් තියෙන්නේ
හරි යාලුවනේ දැන් සුපුරුදු පරිදි තියෙන්නේ මේ සොෆ්ට්වෙයාර් එකඑක්ස්ට්‍රක්ට් කරගන්න එක කම්ප්‍රෙස් කරලා දැම්මේ ෆයිල් වලට හානි වෙයි කියලා ඉන්ස්ටෝල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ දැන් ඒ එක්ස්ට්‍රක් කරගනිපු ෆයිල් වල තියෙන JL_Cmder කියන ෆයිල් එක රන් කරන්න
දැන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලැබෙයි
දැන් කී බෝර්ඩ් එකේ කැමති කී එකක් ප්‍රෙස් කරන්න එතකොට මෙන්න මේ වගේ තවත් ඉන්ටර්ෆේස් එකක් එතැනදී ලැබෙයි Y කී එක ප්‍රෙස් කරන්න
නැවතත් ඔයාලට මේ හා සමානවම ඉන්ටර්ෆේස් එකක් ලැබෙයි අපේ blackberry පාස්වර්ඩ් එක දෙන්න කියලා දෙන්න ඉතින් පාස්වර්ඩ් එක දැනගෙන ඉන්න එපයි දන්නේ නැති නිසා ආයිත් enter කී එක ප්‍රෙස් කරලා එහාට පැනගන්න
අපිට දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලැබෙයි මෙතන ඉදන් තමයි අපේ වැඩේ පටන්ගන්නේ ගින්දර වගේ විනාඩි කිහිපයකින් ෆෝන් එකේ පාස්වර්ඩ් එක අයින් කරලා දාන්න පුළුවන් ඔය blackberry security apps අරගෙන ඒවා දාගෙන එක්ස්පයර් වෙලා ලොක් එක ඕපන් කරගන්න බැරිනම් මේ ක්‍රමය ඒවටත් අදාලයි මං ආයිත් යාලුවන්ට මතක් කරනවා මේ ක්‍රමෙන් අන්ලොක් කරපු ගමන් ෆෝන් එකේ තියෙන දත්ත ඔක්කොම මැකිලා යනවා කියලා දත්තත් තියාගෙන අන්ලොක් කරන්න ඕනෙනම් 2500 ක් විතර දීල කම්පැනි යවන්න වෙනවා ෆෝන් එක එනකන් මාස ගානක් බලාගෙන ඉන්න වෙනවා හරි දැන් අපි වැඩේට බහිමු දැන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලැබිලා ඇති නේද
අපි දැන් අපේ ලොක් වුන ෆෝන් එකේ පාස්වර්ඩ් එක අයින් කරන්න හදන්නේ යාලුවන්ට තව දෙයක් කියන්නේ මේ ක්‍රමෙන් blackberry දත්ත ඉවත් කරන්නේ wipe කිරීමක් ආකාරයෙන් වයිප් කිව්වම බය වෙන අයත් ඉන්නවනේ ඒ වයිප් නෙමේ හොදද යාලුවනේ මේ blackberry වයිප් හරි දැන් අංක 4 ඇතුලත් කරන්නකෝ දැන් ඔයාලට මේ වගේ රතු ඉන්ටර්ෆේස් එකක් ලැබෙයිදැන් නවත්ත Yකී එක ප්‍රෙස් කරන්න
Y කී එක ප්‍රෙස් කරපු ගමන් ඔයාලට තවත් රතු ඉන්ටර්ෆේස් එකක් ලැබෙයි එතන blackberry කියලා ටයිප් කරලා Enter කී එක ප්‍රෙස් කරන්න
දැන් ඔයාලගේ ෆෝන් එකේ මෙන්න මේ වගේ ෆිලින්ග් බාර් එකක් ලැබිලා wipe වෙන්න පටන්ගන්නවා
මිනිත්තු කිහිපයකින් wipe වීම අවසන් වෙනවා ඒත් එක්කම ඔයාලගේ ෆෝන් එක අන්ලොක් වෙනවා වැඩේ හොදයි නේද යාලුවනේ මුලින්ම දෙයක් කියන්න ඕනේ මේ කියලා දෙන දේවල් යහපත් වැඩ වලට විතරක් පාවිච්චි කරන්න යාලුවනේ ඔයාලට සුභ දවසක් උදව්වක් ඕනෙනම් , අපේ වැරද්දක් තියෙනවනම් , වෙන්න ඕනේ දෙයක් තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා යාලුවනේ ඔක්කොටම සුභ දවසක් වේවා..!!!
![http://www.mediafire.com/download/984hy2nk3v9omfk/lankatips.com_[blackbeery_wiping_softwear].rar](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiz9lEvpydhPZjcQFSv_coASJx0oGAOBfD5nsLnXRaEBg7penSxT80I5a6nCyq8PUawOMtWMvtwyIjh3JsMN5nnoGFCJULZWzxrFw4OQrU-pzr3pJf5T5SCZ3FHns5tkuLvjrsCeDIzXic/s1600/29m2l5h.jpg.png)